කොස්ටා රිකා ගුවන් අනතුරෙන් 12ක් මරුට


කොස්ටා රිකා රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙසකට ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ ගමන්ගත් 12දෙනාම මිය ගොස් ඇතැයි වාර්තා වේ. 
 
යානයේ කොස්ටා රිකා ජාතික ගුවන් නියමුවා, සහය නියමුවා සහ ඇමරිකානු ජාතිකයින් 10දෙනකු ගමන් කර ඇත. මෙහි එකම පවුලක සාමාජිකයින් පස්දෙනකු ද ගමන් කර ඇති බව ගුවන් සේවා බලධාරීහු පවසති. 
 
යානය සැන් ජෝස් සිට පට්නා ඉස්ලිටා වෙත ගමන් කරමින් තිබියදී බෙජුකෝ පෙදෙසේදි අනතුරට ලක්වී ඇත. 
 
අනතුරට හේතුව පැහැදිලි නොමැත් බවත් යානය ගුවන් ගත වී සුළු මොහොතකින් කඩාවැටී ඇති බවත් ගුවන් සමාගම පවසයි.  
 
කොස්ටා රිකාහි ශාන්තිකර වෙරළ තීරයේ පිහිටි පට්නා ඉලිස්ටා වෙරළ උතුරු ඇමරිකානු සහ යුරෝපියානු සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)