අමල් වික්‍රමරත්න
ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් ශ්‍රී ලාංකිකයකු වන අවුරුදු ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී (33) අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කරනු ලැබ ඇත.
33 ක් වයසැති මෙය ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා නිලවශයෙන් ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව බව පොලිස් ආරංචි පවසයි.
මීට ඉහත වතාවන් දෙකකදී වෙනත් රටවලට අවශ්‍ය ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නිවේදන නිකුත් කර තිබේ.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයත්, දකුණේ පාතාල ක්‍රියා ඉතාම ඉක්මනින් මැඩපවත්වා ගැනීමේ වුවමනාවත් මත ශ්‍රී ලංකා පොලීසිය මෙසේ ජාත්‍යන්තර පොලිස් සහාය පතා ඇත. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණය අවශ්‍ය පුද්ගලයකු ලෙස කොස්ගොඩ සුජී නම් කර ඇත.


