අමල් වික්‍රමරත්න
අම්බලන්ගොඩ කොස්ගොඩ දී අද ( 29) අලුයම 3.45 පමණ සිදුවූ වෙඩි තැබීම් 3 කදී පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් 15 හැවිරිදි දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
යුදපිටිය, මැණික් ගම්මානය, කුරුදුගම්පියස නමැති ගම්මානවලදී සිදුව ඇති මෙම වෙඩි තැබීම් වලදී මරුමුවට පත්වී ඇත්තේ යුදපිටිය සිදුවූ මෙම වෙඩි තැබීම්වලින් පියා සහ පුතුන් දෙදෙනකු වන අතර අනෙක් පුද්ගලයා කුරුදුගම්පියස පදිංචි පුද්ගලයෙකි.
මෙම සිද්ධීන් දෙකට අමතරව මැනික්ගම්මානය ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක් සිදුව ඇතත් කිසිවකුට තුවාල සිදුවී නොමැත.
වෙඩි වැදුණු පුද්ගලයන් ඇල්පිටිය රෝහලට සහ බලපිටිය රෝහලට ගෙනයන අතරතුර මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයන් වයස අවුරුදු 50,2 1, 14 සහ 38 වැනි වියේ පසුවුවන්බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය ගිනි අවි සහිතව සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හෙල්මට් පැළද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකොට ඇතැයි මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය පිලිබදව මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

