කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට


(එම්. සුසිල් පියන්ත)

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  කොස්ගොඩ පොලිසිය  අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මියගොස් ඇත.  

මෙසේ මිය ගොස් ඇත්තේ කොස්ගොඩ හතරමංහන්දිය පදිංචි තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති විසිහත් හැවිරිදි තරුණයෙකි.

මත්ද්‍ර්‍ය සමග ඊයේ (1)අත් අඩංගුවට ගත් තරුණයා  පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ අසනීපවී රෝහලට රැගෙන යද්දී  මිය ගිය බව කොස්ගොඩ පොලීසිය කියයි.

මේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බවද පොලීසිය කියයි.

තමාගේ පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොස්ගොඩ පොලිස් නිලධාරින් සිය පුතුට හොදටම පහරදුන් බව  මිය ගිය තරුණයාගේ පියා වන නිමල් සිරිවර්ධන ද සොයිස මහතා කියයි.