කොස්ගොඩ තාරකත් සඟයාත් රෝහලෙන් බන්ධනාගාරයට



 
(ජේ.කේ.එල් චාමින්ද)


මාතර ස්වර්ණාභරණ වෙළඳසල  කොල්ලයේ සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොස්ගොඩ තාරක නොහොත් ධර්මකීර්ති තාරක පෙරේරා හා අතුල කිත්සිරි නැමති සැකකරුවන් දෙදෙනා අද (24) දහවල්  බන්ධනාගාර නිලධාරින් විසින් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.


මෙකී සැකකරුවන් දෙදෙනා ප්‍රතිකාර කිරිමෙන් පසු රෝහලින් මුදාහැර තිබු අතර  බන්ධනාගාර නිලධාරින්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යොදා තිබිණි.


එහෙත් කොස්ගොඩ තාරක නැමැත්තාගේ  සහෝදරයා තවමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම සැකකරුවන් තිදෙනා තිදෙනා ජුලි  02 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කිරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.