කොස්ගම ඕඅයිසී නිකම් ලෙඩක් දා ගනී


කොස්ගම පොලිස් ස්ථානාධිපති තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ සේවය වහා තහනම් කළ බවත්, දූෂණයක් සිදු වී නැතත් රාජකාරිය පැහැර හැරීමක් වී ඇති බව පෙනෙන නිසා එම තීරණය ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පසුගිය 18 වැනිදා කොස්ගම ඇස්වත්තේ දී අනවසර මැණික් ගරන්නන් නව දෙනකුට ඇප දීමේ දී නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකළ බව පෙනෙනේ යැයි ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.

සැකකරුවන් පොලිසියට බාර දී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.