කොස්ගම ඕඅයිසී නැත්නම් විභාගෙත් වරදී


පහේ ශිෂ්‍යත්ව විභාගයට යෑමින් සිටි සිසුවකු පාර මාරු වෙද්දී ත්‍රීරෝද රියක ගැටී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොස්ගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා දරුවාට වෙනත් මධ්‍යස්ථානයක දී විභාගයට පෙනී සටීමේ අවස්ථාව උදා විය.

කොස්ගම ඇස්වත්තේ පදිංචි සිසුවා සිය මව සහ පියා සමග අද (23) ශිෂ්‍යත්ව විභාගයට යමින් සිටිය දී මේ අනතුර සිදු විය.

තුවාල ලැබූ සිසුවා කොස්ගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු අවිස්සාවේල්ල රෝහලට මාරු කැර යැවිණි.

කොස්ගම සුමේධ විද්‍යාලයයේ දී විභාගයට පෙනී සිටීමට සිටි සිසුවාට කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ අයි ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයයේ විභාග මධ්‍යස්ථානයේ දී විභාගය ලිවීමට පහසුකම් සැලැසිණි.