(සමන් කාරියවසම්)
කොස් මාමා නමින් ප‍්‍රචලිත ආතර් වී දියෙස් මහතාගේ නමින් පානදුර නගරය මධ්‍යයේ ඉදි කෙරෙන නාගරික උද්‍යානයේ තිබූ කොස් ගස් දෙකක් රාත‍්‍රි කාලයේ ඩෝසර් යන්ත‍්‍ර යොදා ගලවා ඉවත්කර ඇති බවට පානදුර පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
පෙරදින රාත‍්‍රී කාලයේ ත‍්‍රීරෝද රථ දෙකකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු විසින් චේන් සෝ භාවිත කොට ගස් කපා ජේ. සී. බී යන්ත‍්‍රයකින් ඒවා ඉවත්කරගෙන ගොස් ඇතැයි ප‍්‍රදේශවාසීහු පැවසූහ.
ඉවතක්කරන ලද කොස් කඳන් කිහිපයක් පානදුර මෝදරවිල කර්මාන්තපුරය ආසන්නයේ නිවසක තිබී සොයා ගත් බවද වාර්තා වේ.


