ඉන්දිකා රාමනායක
හිස කොටස පමණක් වෙන්කර එය කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා අංගොඩ කොස්මල්ලි හෙවත් ශාන්ත කුමාර නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ටී 56 ගිනි අවිය අද (20) අගුණකොළපැලැස්ස ගෝඨාභයගම ප‍්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙම ඝාතන සිදුකළ බව කියන වෙඩික්කරු වු දැනට අත්අඩංගුවේ පසුවන අමිල නැමැත්තාගේ ප‍්‍රකාශ අනුව ඔහුගේ නිවසේ තිබී මෙම ගිනි අවිය සොයාගෙන තිබුණි.
සැකකරු මෙම ගිනි අවිය ගනකම් ප්ලාස්ටික බටයක බහා දෙපත්ත මුද්‍රා කර වළ දමා තිබූ බවත් ගිනි අවියට අමතරව එහි මැගසිනයක් හා උණ්ඩ 6 ක් තිබූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොස් මල්ලි නැමැත්තාගේ හිසෙන් වෙන්කළ කඳ කොටස වළ දමා තිබූ ස්ථානයේ තිබී ටී 56 ගිනි අවියක හිස් උණ්ඩයක් පොලිසිය සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී ගිනි අවිය පිළිබඳ තොරතුරු හෙළිකරගත් බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
සැකකරුවන් කොස්මල්ලි නැමැත්තා පැහැරගෙන විත් ගෝඨාභයගමදී පොල්ගසක බැඳ වෙඩි තබා ඝාතනය කර ඇත. කොස්මල්ලි නැමැත්තාගේ ඝාතනය සැලසුම්කර ඝාතකයින්ට සඳහා ආධාර අනුබලදුන් දුන් තවත් සැකකරුවකු වන ලොකු අයියා නැමැත්තා ප‍්‍රදේශයෙන් පැනගොස් සැඟව සිටින බවද පොලිසිය කියයි.
කොස් මල්ලීට වෙඩි තැබූ ගිනි අවිය සොයාගනී
Recommended Articles