කොස් දෙක ගන්න එස්.පී. උසාවි කැඳවයි


කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි කියන කිරි කපන්නකු හා කිරි කපන්නියක ශරීර ඇප මත මුදාහළ හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඩී. ප්‍රැන්සිස් මහතා, කොස් ගෙඩි දෙක රැගෙන යාම සඳහා පැමිණිලිකරු වන පොලිස් අධීකාරී බව කියන පුද්ගලයකුට ලබන 18 වැනිදා උසාවි එන්නැයි නියෝග කෙළේය.
මිල්ලෑව කිදෙල්පිටියේ පදිංචි ඉන්ද්‍රසිරි තිලකරත්න හා ඔහුගේ සොයුරිය මානෙල් මෙසේ කොස් ගෙඩි දෙක කඩා ගත්තැයි පොලිස් අධිකාරි පොලිසියට පැමිණිලි කර ඇත.