කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව 96546කට දීලා


(නිමන්ති රණසිංහ)

කොරෝනා මර්දන කොවිෂීල්ඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව පුද්ගලයන් 96,546කට එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

කොවිෂීල්ඞ් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් සංඛ්‍යාව 925,242ක් වන බව ද එම ඒකකය පවසයි.

එසේම, මේ වන විට එන්නත්කරණය කරනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව 6,034 දෙනකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත‍්‍රාව 2435 දෙනකු ලබා දී ඇතැයි ද සදහන් වෙයි.

ස්පුට්නික් එන්නතේ පළමු මාත‍්‍රාව 4, 381 දෙනකුට ලබාදී ඇති අතර ඊයේ (10* පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේදී එහි පළමු මාත‍්‍රාව ලබාදුන් සංඛ්‍යාව 1,385ක් බවද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.