කොවිඩ් මළ සිරුරු ආදාහනයේදී මුදල් අයකිරීම නවත්වයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් වැළඳී මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීමේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකරන ලෙසත් ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වන වියදම මධ්‍ය රජය මගින් ලබා දීමට පියවර ගන්නා බවත්  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ කොව්ඩ් මෘතදේහ ආදහනයේදී විශාල තදබදයක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කරුණු විමසීමට සූම් තාක්ෂණය ඔස්සේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදීය.

මෘතදේහ ආදාහනය කිරීමේදී  ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇතිබවට ඇතැම් මාධ්යප පළ කරන වාර්තා සම්බන්ධයෙන් අමාත්ය වරයා පළාත් පාලන ප්‍රධානීන්ගෙන් කළ විමසීමේ දී අදාල ප්‍රධානීන් සඳහන් කළේ ආදාහනාගාර කීපයක මෙම ප්‍රශ්නකාරී වාතාවරණය නිර්මාණය වී ඇති බවයි

ඇතැම් ආදාහනාගාර අධි ධාරිතාවයෙන් ක්‍රියාත්මකවීම නිසා කඩිනම් නඩත්තු කිරීම්වලට  යොමු කළ යුතුව ඇති බවත් රාගම රෝහලේ මෘතදේහ ගොඩගැසීමට හේතු වූය ඒ ආසන්න බටුවත්ත ආදාහනාගාරය අධි ධාරිතවයෙන් ක්රිටයාත්මක වීම බවත් මෙහිදී සඳහන් විය.

 මේ වන විට ආදාහනාගාර වල පවතින ගෑස් හා ශ්‍රමික හිඟය පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමුවූ අතර අමාත්යනවරයා පැවසුවේ  සියලු ආදාහනාගාර සඳහා අවශ්යය ගෑස් ඉතා ඉක්මනින් නොමිලේ ලබා දීමට රජය පියවර ගන්නා බවයි.

 සේවක හිඟයට පීළියමක් ලෙස අඩු අධ්යා පන සුදුසුකම් මත මෑතකදී බඳවා ගන්නා ලද පිරිස් යොදවා ගැනීමට පියවර ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

දිවයින පුරා සක්‍රීය මට්ටමේ ආදාහනාගාර 240 ට වැඩි ප්‍රමානයක් ඇති බැවින් කිසිදු අර්බුදයකින් තොරව කොඩිඩ් මෘතදේහ ආදාහනය කිරීමේ හැකියාව ඇතැයි කී අමාත්‍ය වරයා කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකාය හා සෞඛ්යව අමාත්‍යංශය  සමග එක්ව විදිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නා බවද පැවසීය.