( සුජිත් හේවාජුලිගේ )
විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අතර කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හෙයින් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසීය.
එසේම විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි යැයි හෙතෙම කීය.
ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි පරිස්සම් විය යුතු යැයිද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මෙවර සින්හල හින්දු අලුත් අවුරුදු සමයේදී ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බවද සෞඛ්‍ය බලධාරීහු චෝදනා කරති .

