(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය ආසාදනය වූ ගැබිණි මවුවරුන් 70 දෙනකු මේ වන විට රට පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට අද (3) පැවසුවාය.
මේ අතුරින් මවුවරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඇය සඳහන් කළාය.
මෙවර පැතිර යන කොරෝනා වයිරසයෙන් කුඩා දරුවන් සහ ගැබිණි මවුවරුන් විශේෂයෙන් ආරක්‍ෂා විය යුතු බව කී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඔවුන්ට මෙම වයිරසයේ සංකූලතා මතුවීම ඉහළ බව ද කීවාය.
රට පුරා රෝහල්වල කොවිඩ් වයිරසය ආසාදනය වූ දරුවන් රැසක් ප්‍රතිකාර ලබමින් සිටින බව කී විශේෂඥ වෛද්‍යවරිය වයස මාසයත්, මාස 6ත් අතර දරුවන්ද ඒ අතර වන බව පැවසුවාය.
ගර්භනී මවුවරු හැකිතරම් ගමන් බිමන් සීමා කරළ යුතු අතර ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් වැළකී සිටිය යුතු බවත්, ගැබිණි මවුවරුන් මෙන්ම කුඩා දරුවන් ශ්වසන ආසාදන ඇති අය අසලට යෑමෙන් වැළකී සිටිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.
මුල්ලේරියාව රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ මහත්මිය පැවසුවේ එම රෝහලේ ගැබිණි මවුවරුන් 22 දෙනෙකු පමණ මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.
එහි ප්‍රතිකාර ලබමින් සිටි එක් මවක් කොවිඩ් නියුමෝනියා තත්වයෙන් අසාධ්‍යවීම නිසා කරාපිටිය රෝහලට යොමු කර එහි එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබාදෙන බවත් ඇය කීවාය.

