කොලොන්නාවම හඬයි


මුල්ලේරියාවේදී වෙඩි පහරින් ඝාතනයට ලක්වූ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය උමගිලිය ක‍්‍රීඩාංගනයේ ආදාහනය සඳහා අද (12) පස්වරු 2.45ට කොළොන්නාවේ ඔහුගේ නිවෙසින් රැගෙන එද්දී මුළු පළාතම විලාප හඬින් හා ශෝකයෙන් ඇළැලී ගියේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද, මැති ඇමැතිවරු ද දේහය රැගත් මංජුසාව කරපිටින් රැගෙන ගොස් රන්සිවි ගෙයි තැන්පත් කළහ. මුළු පෙදෙස ද අවසන් ගමන් මග ද සුදු කොඩි වලින් සරසා තිබිණි. යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය දහස් ගණනින් ආරක්ෂාව තර කෙළේය..