සුජිත් හේවාජුලිගේ
කොලොන්නාව තෙල් ගබඩාවේ විවිධ වර්ගයේ කැමරා පරිපථ 66 ක් සවි කිරිමට කටයුතු කෙරෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි පහකි. කැමරා පද්ධති මිලදී ගැනීම සඳහා ලංසු කැඳවීමට මේ දිනවල කටයුතු කෙරෙන බව අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.
කොලොන්නාව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩාව ආරක්ෂාව පැත්තෙන් බැලුවිට ප්‍රහාරයට ලක්විය හැකි ස්ථානයක් බවත් ක්ෂණික විපරම පමණක් නොව වෝහාරික කටයුතු උදෙසා දත්ත ගබඩා කිරිමට මෙවැනි පියවි පරිපථ රූපවාහිනි කැමරා පද්ධතියක් මෙහි තිබීම ඉතා වැදගත් බවත් අමාත්‍යාංශය පවසයි.