
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා ව්‍යසනයට එරෙහිව "විපක්ෂයෙන් හුස්මක්" සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විශේෂ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්‍යාලයේදී ආරම්භ කෙරිණ.
කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ අරමුණ වේ.
කොරෝනා ව්‍යසනය හමුවේ මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙවැනි රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කළ අතර එහි නව අදියර විපක්ෂයෙන් හුස්මක් වැඩපිළිවෙළ යටතේ ආරම්භ කෙරෙන බවත් එම අවස්ථාවේ දී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පක්ෂ පාට භේද පසෙකලා කොවීඩ් වසංගතයෙන් ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා තමන් ප්‍රමුඛ සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.




