කොරෝනා හේතුවෙන් ස්පාඤ්ඤය පැනවූ සීමා ලිහිල් කරයි


කොරෝනා හේතුවෙන් ස්පාඤ්ඤය පැනවූ සීමා ලිහිල් කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් ස්පාඤ්ඤය පනවා තිබූ විවිධ සීමා ලිහිල් කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව නිෂ්පාදන, ඉදිකිරීම් හා ඇතැම් සේවාවල නියුතු කාර්ය මණ්ඩලවලට යළි සේවය සඳහා පැමිණීමට එරට රජය අවසර දී තිබේ.
 
කෙසේ වුවත් සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය වේ.
 
ස්පාඤ්ඤයේ පුද්ගලයින් 16,970 කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වූ නමුත් මේ වන විට ආසාදනය වීමේ අනුපාතය පහළ බසිමින් තිබේ.
 
යුරෝපා රටවලින් කොරෝනා වෛසයේ වැඩිම බලපෑම සිදුවූයේ ඉතාලියට වන අතර මේ වන විට වෛරසය හේතුවෙන් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 20,000 ට ආසන්න වී ඇත.
 
ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ වෛරසය හේතුවෙන් සිදුවන දෛනික මරණ සංඛ්‍යාව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
 
ඒ අනුව ඊයේ වන විට පැය 24 ක් ඇතුළත මරණ 619 ක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩව තුන්වැනි දිනයටත් මරණ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කරමිනි.
 
ස්පාඤ්ඤය තවමත් ජයග්‍රහණයෙන් දුරස්ථව සිටින බවත් මේ මොහොතේ ජීවිතවලින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවත් අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චෙස් මහතා පැවසීය.
 
-226-
(බීබීසී ඇසුරෙනි)