කොරෝනා සම්බන්ධ ප්‍රකාශයක් කළැයි රාජිතට එරෙහි පරීක්ෂණයක්


(ඉන්දිකා රාමනායක)
 
පාසල් සිසුන් 10 දෙනෙක්ට   කොරෝනා වයිරසය ආසාදනය  වී  ඇති බවටත්  ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු  අමාත්‍ය  රාජිත සේනාරත්න පොලිස්පතිවරයාගේ නියමයෙන්  කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
රාජිත සේනාරත්න මහතා පසුගියදා     කොළඹදී මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.
 
මෙම  සිද්ධියට අදාල හ`ඩපට පොලිස් මුලස්ථානය වෙත ලැබුණු   පැමිණිල්ලක් අනුව    පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ   අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියමයෙන් යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.