(එම්. සුසිල් ප්‍රියන්ත සහ සරත් ආනන්ද )
කොරෝනා නිරෝධායන කටයුතු සඳහා භාවිතා කළ හැකි වායු සමීකරණ යන්ත්‍රයක් සහ සයනයක් නිර්මාණය කිරීමට බද්දේගම කාර්මික ශිල්පියෙක් සමත්ව සිටී.
බද්දේගම රෝහල අසළ වෙසෙන මේ කාර්මික ශිල්පියා ඒ .ඩබ්ලිව්.තුශාන් චන්ද්‍රනාත් කරුණාතිලක මහතාය. ඔහු වෘත්තියෙන් වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය හා අලුත්වැඩියා ශිල්පියෙකි.
කොරෝනා වැනි වයිරස මෙම වායුසමීකරණ යන්ත්‍රයෙන් පෙරීමකට ලක්වී විශබීජහරණය වන බවත් ඔහු කියයි. මේ නව නිර්මාණ දෙකෙන් කොරෝනා රෝගියෙකු නිරෝධායනය වන විට ඔහු අසළ හෝ ඒ ගෘහයේ සිටින වෙනත් කිසිවෙකුට මේ රෝගය බෝනොවන බවද තුශාන් මහතා කියයි.
තමා නිර්මාණය කරන ලද ඇඳ සහ වායු සමීකරණයට නව නිපයුම් තරගාවලියේදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමිව ඇතිබවද, මේ සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කළ බවද තුශාන් චන්ද්‍රනාත් කරුණාතිලක මහතා කියයි.
මේ නව වායුසමීකරන යන්ත්‍රය, නිවසේ දැනට සවිකර තිබෙන වායුසමීකරන යන්ත්‍රයටද සවිකළ හැකි බවත් ඒ සදහා වැයවනුයේ ඉතා අඩු විදුලි බලයක් බවත් ඔහු පවසයි.
සති දෙකක් වැනි කාලයකින් සැකසිය හැකි මෙම යන්ත්‍ර භාවිත කර රෝගීන් නිරෝධායනයට යොමුකිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ඒ මහතා කියාසිටී.
මේ සඳහා යම් ආයතනයක් හෝ කිසිවකු උපකාර කරන්නේ නම්, මීට වඩා කාර්යක්ෂමව නිර්මාණය කළ හැකි බව පවසන තුෂාන් මහතා 0773117751 යන ජංගම දුරකතනයට අමතන ලෙස දැනුම් දෙයි.




