රේඛා තරංගනී ෆොන්සේකා
කොරෝනා වසංගතයට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව චීනයෙන් ඇනවුම් කල S14 ද්විත්ව බලවේග කට්ටල නවයෙන් අවසාන S14 ද්විත්ව බලවේග කට්ටල හතර wo lone song නෞකාවෙ පටවා කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් අද (12) අලුයම මෙරටට ගෙන එනු ලැබීය.
රජයේ මැදිහත්වීමෙන් දේශීය පුද්ගලික බැංකු දෙකකින් ලබාගත් ණය ක්‍රමයක්
යටතේ මෙම බලවේග කට්ටල ගෙන්වා ඇති අතර S14 බලවේග කට්ටලය 9 ගෙන්වීමට සැලසුම් කර තිබු අතර එක කට්ටලයක් රුපියල් මිලියන එක්දාස් අටසිය හතළිස්පහක වටීනාකමින් යුතුය.
යටතේ මෙම බලවේග කට්ටල ගෙන්වා ඇති අතර S14 බලවේග කට්ටලය 9 ගෙන්වීමට සැලසුම් කර තිබු අතර එක කට්ටලයක් රුපියල් මිලියන එක්දාස් අටසිය හතළිස්පහක වටීනාකමින් යුතුය.
අංක 996, 980, 979, 985, 981, 982, 987, 988බලවේග කම්ටල මේවනවිටත් වරායේ ජැටියට සේන්දු කර ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමට අප දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන යාන්ත්‍රික
ඉංජිනේරැ කීර්ති හේවාවිතාරණ මහතා සම්බන්ධ කරගත් අතර චීනයේ චයිනා රේල්වේ රෝලින්ග් ස්ටොක් කෝපරේෂන් (China railway rollingstock cooperation) යන සමාගමෙන S14 ද්විත්ව බලවේග කට්ටලගෙන්වා ඇති බව ඒ මහතා පැවසීය.
මේ වනවිටත් ධාවනයට එක්කර ඇති දෙණුවර මැණිකේ ලෙසද, ටිකිරි මැණිකේ ලෙස සහ තවත් සේවාවන්ට S14 ද්විත්ව බලවේග කට්ටල පහක් එක්කර ඇති බව සඳහන් කල ඒ මහතා නව කට්ටලද උඩරට ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසීය.




