(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් ත්ත්වය හමුවේ පීඩනයට පත්ව සිටින ජනතාව සදහා සහන පැකේජයක් හදුන්වාදීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ගොවීන්, කම්කරුවන්, ධීවරයන්, රජයේ සේවකයන්, පෞද්ගලික අංශය, බැංකු ආදි විවිධ ක්ෂේත‍්‍ර ස`දහා මෙම සහන පැකේජය හදුන්වා දෙනු ඇත.
මෙම සහන පැකේජයෙන් කොටසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත රජය විසින් මීට දින තුනට ඉහත දී ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

