(පාලිත ආරියවංශ )
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති ප්‍රංශ ජාතිකයකු ඇල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක දින දෙකක් නතර වී සිටි බව අනාවරණය වී තිබේ.
එම හෝටලයේ කාර්ය මණ්ඩලය අද (19) නිරෝධායනයට ලක් කරන බව ඇල්ල පොලිසිය පවසයි.
මෙම විදේශීකයා සිය දියණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉකුත් 15 සහ 16 යන දිනයන්හි මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇත.
ඔහු දැනටමත් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දියණිය නිරෝධානයකට ලක්කර ඇති බවත් ඇල්ල පොලිසිය පවසයි.
මේ විදේශීකයන් දෙදෙනා කැටුව ආ සංචාරක මඟ පෙන්වන්නා සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

