කොරෝනා යැයි සැක අයෙක් මාරවිලින් කුරුණෑගල රෝහලට


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
කොරෝනා ආසාදිතයකු බවට සැක මාරවිල ප්‍රදේශයේ අයකු කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයා අද ( 20 ) පෙරවරුවේ කටයුතු කර තිබුණි.
 
ඉතාලියේ රැකියාවක නිරත වි පැමිණි මෙම පුද්ගලයා ඔහු පදිංචි නිවස තුළම ස්වයං නිරෝධායනය වෙමින් සිටියදි උණ හා කැස්ස රෝග ලක්ෂණ මතුව ඇති බව කියයි.
 
පසුව මේ පිළිබදව සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමේන් පසුව  ගිලන් රථ අදාල පුද්ගලයාගේ නිවසටම ගෙන්වා කුරුණැගල ශීක්ෂණ රෝහලට යැවිමට කටයුතු කර තිබුණි.