(පාලිත ආරියවංශ)
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයන් පස් දෙනෙකු බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (20) ඇතුළත් කර තිබේ.
එයින් පුද්ගලයින් සිව් දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් එවා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
අනෙක් පුද්ගලයා බදුල්ල මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු බවට හඳුනා ගෙන ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

