
(රංජන් කස්තුරි)
කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එය මර්දනය කිරීම සඳහා දැඩි තීන්දු තීරණ කිහිපයක් ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවලද එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කිරීම, රටපුරා එන්නත්කරණ මධ්‍යස්ථාන ප්‍රමාණය දෙගුණයක් කිරීම, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩිකිරීම හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීම, පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා කඩිනම් කිරීම එම තීන්දු තීරණවලට අයත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

