(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා මර්දන වැඩසටහනට ගම් මට්ටමින් දායකවන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා එන්නත ප්‍රමුඛත්වය දී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ .
මෙම වැඩසටහන යටතේ සෑම ගමකම සිටින ග්‍රාම නිලධාරි ,පවුල් සෞඛ්‍ය සේවිකා නිළධාරිනී ,ආර්ථික සංවර්ධන නිලධාරි ,සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ට සයිනොෆාම් එන්නත ප්‍රමුඛතාව දී ලබාදීමට නියමිතය .

