
(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා ආසාදිතයන් අඩු වුණත් කොරෝනා මරණ අඩුවීමට තවත් සති දෙකක් හෝ තුනක් යා හැකි යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොරෝනා මරණ වාර්තා වීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවද ඇය සඳහන් කළාය .
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේද කීවාය.
"රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරනකොට ප්‍රශ්න ඇති වෙනවා.
මුලින්ම රෝගීන් වැඩි වුණා. දැන් වෙනකොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති දෙකක් තුනක් යාවි. මේ අලුත් ප්‍රභේදය නිසා රෝගය හැදිලා දින දහයක ඇතුළතත් මරණ සිද්ධ වෙනවා."

