(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 62 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (11) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2073 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 08 සිට ජූනි 10 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 27ක් සහ පිරිමි අය 35 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් 13 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර පස්දෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
පානදුර, මොරටුව, අලුබෝමුල්ල, ගෝනවිල, ගෝවින්න, මහනුවර, ගාල්ල, තිඹිරිගස්කඩුව, කොච්චිකඩේ, මීගමුව, සන්දිවේලි, බලංගොඩ, නින්දවූර්, සමන්තුරෙයි, පතන, බදුරලිය, වලල්ලාවිට, බෝඹුවල, වස්කඩුව, මහගම, දොඩංගොඩ, මැල්සිරිපුර, අඹ්කොටේ, කළුතර, කුරුණෑගල, පනාගමුව, මදුරාගොඩ, මෙරහවත්ත්, කින්නියා, කාත්තන්කුඩි,එරාවූර්, රත්තොට, මොණරාගල, අනුරාධපුර, මතුගම, කොටිකාවත්ත, නාගොල්ලාගම, කොළඹ 12, කඩුගන්නාව, ගම්පොල, සීදූව, හෙම්මාතගම, පිටිගල, නියාගම, කරන්දෙණිය, කහදූව යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ මරණවලට හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

