(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 67 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (9) තහවුරු කළේය.
මෙය දිනකදී තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1910 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 17 සිට ජූනි 8 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 24ක් සහ පිරිමි අය 43 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් හය දෙනකු නිවසේදී මියගොස් ඇති අතර පස්දෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
කොළඹ 15, වත්තල, වැල්ලම්පිටිය, අවිස්සාවේල්ල, මීගමුව,වාලච්චේන,කොළඹ තලාතුඔය, බදුල්ල, 14, කොටහේන, දූලංකඩවල, මීගම, වැලිසර, බණ්ඩාරගම, ගාල්ල, පූජාපිටිය, ගම්පොල, අඹේපුස්ස, දෙණියාය, බොගබන්තලාව, පරකඩුව, දැඩිගමුව, වැල්ලවාය, හෙම්මාතගම, ගණේමුල්ල, ගෝනවල, ඒකල, කරන්දන්, කරන්දෙණිය, මොරටුව, වාද්දුව, මඩපාත, අලුබෝමුල්ල, පිළියන්දල, මාතලේ, එරාවූර්, වත්තේගම, බලංගොඩ, කැලණිය, හෝමාගම, කටුනේරිය, ගම්පහ, පුස්සැල්ලාව, වෙලම්බඩ, කෙන්ගල්ල, කටුගස්තොට, මහනුවර, කොළඹ 07, නුවරඑළිය, කළුතර, ගලගෙදර, කොළඹ 10, අම්පාර, පස්සර, මාතර, මාරවිල, කළුතර දකුණ, දෙහිවල සහ ගිංතොට යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ මරණවලට හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය බව ද සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.

