(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 42 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1608 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණවලින් 3 ක් අද (3) වාර්තා වී ඇති අතර 39 ක් මැයි 11 සිට ජූනි 2 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 17ක් සහ පිරිමි අය 25 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් එක් අට දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තිදෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
දික් ඔය, මන්නාරම, කඩවත,කොළඹ, වත්තල, පොලොන්නරුව, පස් යාල, වේයන්ගොඩ, හේනෙගම, මාතර, හපුතලේ, බණඩාරවෙල, කටුගස්තොට, ගිරිතලේ, බඩල්කුඹුර, කාත්තන්කුඩි, කැලණිය, බටුගොඩ, වත්තේගම, අරණායක, කොච්චිකඩේ, නාරාහේන්පිට, ගම්පොල, හල් ඔළුව, මීගමුව, ආගරපතන, කින්නියා, කොටගල, බොගවන්තලාව, හිඳගල, කලගෙඩිහේන, රද්දොලුගම, මහනුවර, පැපිලියවල සහ මින්නේරිය යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

