කොරෝනා මඬින්න හික්කඩුව නගර සභාවෙන් ලක්ෂ 50 ක්


(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )

දැනට උද්ගතවී තිබෙන කොරෝනා උවදුර සිය බල ප්‍රදේශයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමේ අරමුනින් රුපියල් ලක්ෂ 50 ක් වෙන්කළ බව හික්කඩුව නගරාධිපති විනී කාරියවසම්  මහතා අද (25 ) පස්වරුවේදී පැවසීය .

සිය නගර සභාවේ පක්ෂවිපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ එකගත්වයෙන් මේ මුදල වෙන්කළ  බවද කාරියවසම් මහතා මෙහිදී කීවේය .

වෙන් කෙරුණු මේ මුදලින් කොරෝනා රෝග උවදුර පිලිබදව ජනතාව දැනුම්වත් කිරීම අඩු ආදායම්ලාභී පවුල්වල අය  භාණ්ඩ මිලදී ගැනීමට ඒක රාශීවීම වැලැක්වීමට වැඩපිලිවෙලක් සැකසීම, ඒ අනුව සිය බලප්‍රදේශයේ හදුනාගත් අඩු ආදායම්ලාභී පවුල් හාරදහස් පන්සීයකට නිවසටගොස් ඒ වියලි ආහාර පාර්සල් ලබාදීම සිදු කෙරෙන බවත්  මේ වැඩසටහන සිය බල ප්‍රදේශයේ වෙසෙන රජයේ සේවකයින්ට හා ව්‍යාපාරිකයින් ඇතුලු යමක්කමක් තියෙන අයට වලංගු නොවන බවද ඔහු කීවේය .
 
එමෙන්ම සිය බල ප්‍රදේශය ජීවානුහරනය සිදු කිරීමද මීට සමගාමීව සිදු කෙරෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය .