කොරෝනා මඬින්න එජාපෙන් යෝජනා මාලාවක්


(අංජුල මහික වීරරත්න)

ලංකාවේ දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය අද(12) ප්‍රකාශයට පත් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන  මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කරන  මෙම වැඩපිළිවෙල සකස් කිරීම සඳහා දෙස් විදෙස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියලු පාර්ශව වල අදහස් හා යෝජනා ලබා ගත් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

දිනෙන් දින උග්‍ර වන කෝවිඩ්  පිටුදැකීම සඳහා අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ එකම පක්ෂය එජාපය  පමණක් බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.