කොරෝනා මඬින්න අතිරේකව මිලියන 500ක්


කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් අතිරේකව මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට්දී තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා  මේ බව පැවැසීය.