(නාලක සංජීව දහනායක)
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්‍ෂ නායකයන් හා නියෝජිතයන් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දනය සඳහා ජාතික වැඩපිළිවෙලක් සැකසීම වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (24) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.
මේ මොහොතේදී පාර්ලිමේන්තුව රැස්කරනවා වෙනුවට ජනතාවට ආදර්ශයක් සපයමින් එවැනි වැඩපිළිවෙලක් සැකසීම වඩාත් සුදුසු බවද පක්‍ෂ නායකයන්ගේ අදහස වී තිබේ.
කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය පිළිබදව මෙන්ම එම හානිය අවමකර ගැනීම සම්බන්දයෙන් පක්‍ෂ නායකයෝ දීර්ඝව සාකච්ඡා කළහ.
ඒ අනුව ඉදිරියේදී පක්‍ෂ නායකයන් හමුවෙමින් කොරෝනා ව්‍යප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ලබාගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්‍ෂ නායකයන්ගේ හා නියෝජිතයන්ගේ සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
කොරෝනා වයිරසය මර්දනය කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග අගය කළ පක්‍ෂ නායකයෝ ඒ සඳහා සහය දක්වන බවද පැවසූහ.
සතොස හා සමූපාකාර මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සලසා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා එම යාන්ත්‍රණය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බවද කීය.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සදහන් කර සිටියේ කොරෝනා වයිරසය මර්දනය කිරීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ග අගය කරන බවය. එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු කීය.
එමෙන්ම ඒකරාශී වීම වැළැක්වීමට ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතරේ අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයන්ගේ නිවාඩු තව දුරටත් දීර්ඝ කරන ලෙස ද ඔහු පක්‍ෂ නායක හමුවට යෝජනා කළේය.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද රජයේ වැඩපිළිවෙළ අගය කරමින් ආර්ථිකයට වන හානිය අවම කරගනිමින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් පුළුල් කරන ලෙස ඉල්ලා සිටියහ.
එමෙන්ම ඇඳිරිනීතිය පවතින විට මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය හා ප්‍රවාහනය සඳහා අවසර නොලැබීම හේතුවෙන් ඇතිව ඇති ගැටළු සම්බන්ධයෙන් පක්‍ෂ නායකයෝ අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරමින් එම ගැටළුව විසඳීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

