කොරෝනා බවට සැක තවත් තිදෙනෙක් කරාපිටියට


( ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක  ද සිල්වා)
කොරෝනා බවට සැකකෙරෙන විදේශිකයින් තිදෙනෙක්  කරාපිටිය ශික්ෂණ රෝහලට අද (15)   ඇතුළත්  කළ  බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මොවුන් ජර්මන් ජාතික සංචාරකයන්  බවද ඔහු සඳහන් කළේය.
 

මේ වනවිට මෙම රෝහලේ කොරෝනා බවට සැකකෙරෙන වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින  නේවාසික රෝගින් සංඛ්‍යාව 04 කි. එයින් එක් අයෙක් ශ්‍රී ලාංකිකයෙක් වේ.

 ඊයේ (14) දිනයේදී නව  කොරෝනා ආසාදිතයන් යැයි සැක සහිත ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙක් මෙහි වෛද්‍ය අධික්ෂණය යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් අතර එයින් 07 දෙනෙක් මෙම රෝගය ආසාදනය නොවූ බවට තහවුරු වීමෙන් පසු රෝහලෙන් නිදහස් කර තිබේ.
 
කෙසේ වෙතත් කරාපිටිය රෝහලෙන් මේ වනතෙක් නව  කොරෝනා  වෛරසය ආසාදනය වූ රෝගින් බවට ස්ථිර වූ  කිසිදු රෝගියෙක් වාර්තා නොවූ බවද රෝහල් ප්‍රකාශකයා කීය.