කොරෝනා පාලනයට ජනපතිගෙන් විශේෂ අරමුදලක්


(මලිෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරිම හා සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරිමට වි⁣ශේෂිත අරමුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපනය කර තිබෙි.

එය “කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල”ලෙස නම් කර ඇත.

ජනාධිපති නියමයෙන් ජනාධිපති අරමුදල සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානයක් කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් මේ සඳහා ආරම්භ කර ඇත.

එනම්, ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 85737373 වේ.

දේශීය, විදේශීය පරිත්‍යාගශීලීනට සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මුදලින් දායකවීමට හැකියාව තිබේ.
නිත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කරන අතර චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකියාව තිබේ.

“සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල” කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් සිදු කරනු ඇත.

අමාත්‍යංශ ලේකම්වරු, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විගණන විශේෂඥයන් සහ බැංකු ප්‍රධානීහූ කළමනාකරණ මණ්ඩලයට පත් කරනු ලැබෙති.

ජාතිය මුහුණ පා සිටින වත්මන් අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එකට එක්ව ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.