කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන අටක් කොළඹ තැනින් තැන


ගයාන් සූරියආරච්චි

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා ඉදි කළ සත්කාර ඒකක හතරක් සෞඛ්‍ය අංශයට බාරදුන් බව කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා පවසයි

තවත් එවැනි මධ්‍යස්ථාන හතරක් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරමින් පවතින බවත් එම මධ්‍යස්ථාන ද නුදුරේම සෞඛ්‍ය අංශවලට බාරදීමට කටයුතු කරන  බවත්  දිස්ත‍්‍රික් ලේකම් වරයා පවසයි.

කෙරෝනා වයිරසය ආසාදනයවී රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් මෙම සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන අතර රජයේ රොහල්වල අධීක්ෂණය යටතේ ප‍්‍රතිකාර සිදු කෙරේ

ඒ අනුව රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාන්තා නේවාසිකාගාරය, හංවැල්ල කම්කරු දෙපාර්තමේන්තු පුහුණු මධ්‍යස්ථානය, රත්මලාන වෘත්තීය පුහුණු තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ මීගොඩ සම්පත් මධ්‍යස්ථානය මේවන විට සෞඛ්‍ය අංශ වෙත බාරදී ඇති බව යසරත්න මහතා කියයි

ඉදිරි සති දෙක තුළදී දෙහිවල සුමග විද්‍යාලය, වෙනිවැල්කොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය සහ මීතොටමුල්ල රජයේ වී ගබඩා සංකීර්ණය කොරෝනා සත්කාර ඒකක ලෙස සෞඛ්‍ය අංශවෙත බාරදීමට බලාපොරොත්තු වන බවත් දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කරයි