කොරෝනා පරීක්ෂණයට පෞද්ගලික රෝහල් සඳහා කොන්දේසි සහිත අවසර


 (ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය  වැළදී ඇත්දැයි සිදු කෙරන  පී.සී.ආර් පරීක්ෂණය සඳහා   පෞද්ගලික  ‍රෝහල්වලට   ඉඩ ලබා දෙන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (18) පැවසීය.
 
එම අවස්ථාව  ලබා දෙනුයේ කොන්දේසි මත බවද අනිල් ජාසිංහ මහතා කීවේය.

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අනිල් ජාසිංහ මහතා මේ බව  කීවේය.