කොරෝනා නීතිවලට පිටුපාන්නන් අල්ලන් යයි


(ඉන්දිකා රාමනායක)

උත්සව සමයේ ජනතාව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බනධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .

මෙම චක්‍රලේඛය අනුව සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් දැඩි සෝදිසියක් සිදු කරන බව ද හෙතෙම කීය.

පොලිස් නිලධාරීන් ගත වූ දින කිහිපය තුළ සිදුකළ මෙහෙයුම් තුළදී ජනතාව ,වෙළඳසල් හිමියන් ,බස් රථවල නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන බවට හෙළිවීම නිසා මෙම පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.