කොරෝනා දැයි බලන්න පටල 4000ක් ජ‘පුරට


(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා පරීක්ෂණ සඳහා මුළු දිවයිනෙන්ම ජෛව පටල සාම්පල හාර දහසක් පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට අද දින ලැබී තිබුණු බව එහි ප්‍රකාශකයෙක් පවසයි.

එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පරීක්ෂණ සඳහා දිනකදි ලැබුණ වැඩිම සාම්පල සංඛ්‍යාව මෙයයි.

මෙම සාම්පල පිළිබඳ පරීක්ෂණ අද දිනම ඇරඹූ බව එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මින් තෝරාගන්නා සාම්පල කොරෝනා වයිරස විශ්ලේෂණ පරීක්ෂණ සඳහාද යොදා ගන්නා බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.