කොරෝනා දරුවෝ 51 ක් පසුගිය සතියේදී ළමා රෝහලට


(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා  ආසාදනයවූ  දරුවන්  51 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට  පසුගිය සතියේදී ඇතුළත් කර ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය .

මේ අතර කොරෝනා  ආසාදනයවූ දරුවන් දොළොස් දෙනෙකු   ළමා රෝහලට ඊයේ (24) දිනයේදී පමණක්  ඇතුළත් කෙරුණු බවද  හෙතෙම සඳහන් කළේය .

දරුවන්ට  කොරෝනා  ආසාදනයවීමේ වැඩිවීමක්  දක්නට ලැබෙන බව කී විශේෂඥ වෛද්‍යවරයා  කොරෝනා  මර්දන එන්නත ලබා නොදෙන පිරිසක් හෙයින් දරුවන් මේ අවස්ථාවේදී දැඩි පරිස්සමින් රැක බලා ගත යුතු වන බවද  පැවසුවේය.