කොරෝනා ගැන අමාත්‍යංශ මට්ටමින් තීරණ නොගන්නැයි ජනපති දන්වයි


(අජන්ත කුමාර අගලකඩ)
 

කොරෝනා වයිරසය හා සම්බන්ධ සෞඛ්‍ය, මහජන සුබසාධනය, ආර්ථිකය හා ජාතික ආරක්ෂාව පිළිබදව තීරණ සෘජුවම කැබිනට් මණ්ඩලයේ මෙහෙයවීම යටතේ ජාතික වැඩසටහනක් මගින් කළමණාකරණය කෙරෙන බැවින් අමාත්‍යාංශ මට්ටමින් තීරණ ගැනීමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
 
ජනධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම ඉල්ලීම කර ඇත.
  
මීට අදාළ දිස්ති‍්‍රක්ක මට්ටමේ තීරණ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය සහ නම් කරන ලද කැබිනට් ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
 
ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමේ කටයුතු දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ අමැතිවරුන්ගේ හා ආණ්ඩුකාරයාගේ අධීක්ෂණය යටතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලබන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.