
ඕස්ට්‍රේලියාව නිෂ්පාදනය කරන කොරෝනා එන්නත එරට මිලියන 25ක් පමණ වන සම්පූර්ණ ජනතාවටම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව අගමැති ස්කොට් මොරිසන් මහතා පවසයි.
මෙම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රොසෙනෙකා ඖෂධ සමාගම විසින් නිපදවනු ලැබේ.
කොරෝනා එන්නතෙහි සායනික අත්හදා බැලීම් සාර්ථක වුවහොත් සෑම ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුටම එන්නත ලබාගත හැකි බව අගමැතිවරයා පවසයි.
ලබන වසර මුලදී එන්නත ලබාගත හැකියැයි තමා විශ්වාස කරන බවද එන්නත ලබාගැනීම අනිවාර්ය වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඕස්ට්‍රේලියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 23,989ක් වාර්තා වී ඇති අතර මරණ 450ක් සිදුවී තිබේ. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.
ආසාදන වැඩිවීම හේතුවෙන් මේ මාසය මුලදී වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ අතර දැඩි අගුලු දැමීමේ පියවර පැනවීය.
(බීබීසී ඇසුරිණි - 085)

