මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිත සංඛ්‍යාව 170 දක්වා ඉහළට
(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ශ්‍රී ලංකාවේ කොරෝන අසාදිතයින්ගේ සංක්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 4දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
ඊයේ දිනය වනවිට පුද්ගලයන් 166 දෙනෙකෙු වාර්තා වූ බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි
අවසන් වරට හඳුනාගත් රෝගීන් 8 දෙනාගෙන් තිදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබු අය වෙති.
එක් අයෙක් පුත්ලම නිරෝධායන මධ්‍යස්ථානයේ සහ අනෙක් පුද්ගලයා මාතර ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙකු ළගින් ඇසුරු කළ අයෙකි.
කොළඹ ප්‍රදේශයෙන්ද පුදුගලයින් දෙදනකු වාර්තා වී ඇති අතර එක් අයෙක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයිද ජාසිංහ මහතා සදහන් කළේය.

