(ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද(17) දිනයේදී 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
අද වාර්තා වූ අසාදිතයින්ගේ සංඛ්‍යාව 6 කි.
ශ්‍රී ලාංකික දෙවැනි ආසාදිත සංචාරක මග පෙන්වන්නාගේ බිරිඳ, ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයෙක්, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙක්, කැලණියේ පදිංචි පුද්ගලයෙක් ,මාරවිල පදිංචි පුද්ගලයෙක් සහ කටාර් සිට පැමිණි උඩුගම්පොළ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් අද ආසාදිතයින් ලෙස වාර්තාවුවෝ අතර වෙති.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී ඇය මේ බව ප්‍රකාශ කළාය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)



