කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 21 දක්වා ඉහළට


( ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය ආසාදිත තවත්  ශ්‍රි ලාංකික  පුද්ගලයින්  තිදෙනකු පිළිබඳව  අද ( 16)  තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා  පැවසීය.

වයස අවුරුදු 13 ක ගැහැණු දරුවකු සහ අවුරුදු 50 ඉක්ම වූ පිරිමි පුද්ගලයින් දෙදෙනකු ඊට අයත් වේ.

මේ වන  විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21 කි.

මේ වන විට ඔහු අයිඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

 ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදි සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසූවේය.