කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට


( ඩයනා උදයංගනී) 

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු  පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (19) පැවසීය.

මුළු ආසාදිතයින්ගේ  සංඛ්‍යාව මේ වන විට 59 දක්වා ඉහළ ගොස්  තිබේ.

මැණික් ව්‍යාපාරිකයාගේ  දියණියගේ ,බිරිඳ  නිරෝධායන කඳවුරුවල සිටින දෙදෙනකු  මෙම සිව් දෙනාට  ඇතුළත් වේ. ඔවුන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙකි.

කොරෝනා ආසාදිත පුද්ගලයින් ගත් විට ඉන් 81% ක ප්‍රමාණයක්  පිරිමි පුද්ගලයින් බවත්, 19% ප්‍රමාණයක්  කාන්තාවන් බවද  අනිල් ජාසිංහ මහතා පැවසීය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ අනිල් ජාසිංහ මහතා  සඳහන් කළේය.