( ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය අසාදිත වූ තවත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 9 දෙනකු අද(18) හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරිය මේ බව කීවාය.
එමෙන්ම සැක සහිත පුද්ගලයින් වේ නම් ඔවුන්ට ප්‍රතිකාර සඳහා වෙනම රෝහල් 24 ක් සුදානම් කර ඇති බවද ඇමැතිවරිය පැවසූ ඇමැතිවරිය චාරිකා විනෝද ගමන් මුළුමනින්ම නතර කර දමන බවද සඳහන් කළාය.
අද වන විට කොරෝනා ආසාදිත මුළු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50 කි.
වයිරසය ආසාදනය වී ඇතැයි අද වාර්තා වු පුද්ගලයින් 9 දෙනා අතර අවුරුද්දයි මාස පහක් වයසැති බිලිදෙකු, බිලිදාගේ මව සිටින බව තොරතුරු අනාවරණ වී තිබේ.

