(අනීෂා මානගේ)
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක හෝටල් තුනක් අද (18) වසා දැමීමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති විතාරණගමගේ උපුල් මහතා පැවසීය.
විදේශික සංචාරකයින් පිරිසක් සමඟ සංචාරක මගපෙන්වන්නන් ලෙස පසුගිය 13, 14 දිනවලදී තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණි බව කියන මෙම පුද්ගලයන් තිදෙනා තිස්සමහාරාම සහ ඒ අවට ප්‍රදේශයේ සංචාරක හෝටල් තුනක නවාතැන් ගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි සභාපතිවරයා කීය.
මෙම පුද්ගලයින් තිදෙනා කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (17) තහවුරු වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.

